දැනට ලෝකයේ ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල බලත්ගමුව අංක 82/ඒ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 116ක් වූ අපුල්ලන්නලෑ උක්කු මහත්මියටය.
ශ්‍රී ලංකාවට මේ අවස්ථාව ලැබී තිබෙන්නේ මෙතෙක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකරගෙන සිටි ජපන් ජාතික ජිරෝමාන් කිමුරා (116) පෙරේදා (12දා) ජීවිතක්‍ෂයට පත්වීමත් සමඟය.
බලන්ගමුවේ පදිංචි උක්කු අම්මාගේ ජාතික හැඳුනුම්පත් අංකය 977960037ඍ ලෙස සටහන් වී තිබේ. එම දත්තවලට අනුව ඇය 1897 අගෝස්තු මස 22 දින උපත ලබා ඇත.
ඇයට දරුවන් අටදෙනෙක්ද මුනුපුරු මිනිපිරියන් ඇතුළුව සියලුම දරුවෝ 80ක් පමණද සිටිති.
ඇයට පසුව ලෝකයේ වයස්ගතම පුද්ගලයන්ගේ
1. අපුලන්නලෑ උක්කු - 1897/8/22 - ශ්‍රී ලංකාව
2. මිසාවෝ ඔකාවා - 1898/3/5 - ජපානය
3. ජෙරලියන් ටෙලී - 1899/5/23 - එ. රාජධානිය
4. මුස්හට් ජොන්ස් - 1899/7/6 - එ. රාජධානිය
5. බෙන්රිස් මෙඩිගන් - 1899/7/24
කොහොමද ..... ඔයලත් කැමතිද මෙච්චර කල් ජීවත් වෙන්න.. එහෙනම් පහලින් Comment එකක් දාන්නකො බලන්න

Post a Comment