ඇත්තටම මේ ෆේස්බුක් කියන්නේ මොකක්ද?
ඔන්න අද මම ගෙනාවේ ගොඩක් වැදගත් වෙන ලිපියක් ඇත්තටම ඔයාල හැමෝම වගේ නිතර කතා බහට ලක් වෙන ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ ඉතිහාසය කොයි වගෙද යන්න පෙන්නලා දෙන්න.
ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය නිර්මාණය කරනු ලැබුවේ 2004 පෙබරවාරි මස 04 වැනිදා. ඇමෙරිකානු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ Mark Zuckerberg ඇතුළු ඔහුගේ පාසලේ මිතුරන් කිහිපදෙනකු වන Eduardo Saverin, Andrew McCollum, Dustin Moskovitz සහ Chris Hughes විසිනි. මෙය නිකුත් කරණු ලැබුවේ තම විශ්ව විද්‍යාලයේ සිසුන් අතර තොරතුරැ හුවමාරැ කර ගැනීමට පමණි.නමුත් කල්යත්ම කෙමෙන් ඇමෙරිකානු බොස්ටන් නගරයේ පාසල් අතර හා Ivy League , Stanford University අතර සිසුන් සදහා පරිශිලණය කිරීමට හැකි වන පරිදි වැඩි දියුණු කළ අතර එකල මෙහි සාමජිකත්වය දැරීමට නම් වයස අවුරැදු 13 වඩා වැඩි විය යුතුව තිබිණි.
නමුත් අද වන විට වයස් සීමාවක් නොමැතිව මෙය පරිහරණයට ලබා දී ඇති අතර 2012 සැප්තැම්බර් මස වන විට මෙහි ලියාපදිංචි වී සිටින ක්‍රියාකාරී සාමජිකයින් සංඛයාව බිලියන එකකට වඩා වැඩි වී තිබේ. ෆේස්බුක් අඩවිය දිනකට petabyte බාගයක දත්ත ඇතුලත් කරන අතර එය වර්ෂයකට petabyte 180 පමණ වේ ( petabyte 1 = gigabyte 1.049e+6 )
ෆේස්බුක් වර්ධන සටහන
ෆේස්බුක් සාමාජිකයින් වැඩිම පිරිසක් ලියා පදිංචී වී ඇති රටවල් හා ප්‍රමාණයන්
- United States with 168.8 million members
- Brazil with 64.6 million members
- India with 62.6 million members
- Indonesia with 51.4 million members
- Mexico with 40.2 million members
192 million Android users,
147 million iPhone users,
48 million iPad users
56 million messenger users
මුළු ප්‍රමාණය 604 million වේ..

Post a Comment