ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලට හුගක් වැදගත් වෙන සොෆ්ට්වෙයා එකක් ගැන. ඇත්තටම මේක Driver Updater සොෆ්ට්වෙයා එකක්. ඇතැම් පරිගණකයන්හි පිටතින් හො එයට පැමිනෙන දෘඩාංගයන්හි ක්‍රියාකාරීත්වයට එක්තරා පරිගණක මෘදුකාංගයන් භාව්තා කිරීමට අපට සිදු වෙනවා.සමහර වෙලාවට ඒවා හොයාගන්න ගොඩක් අයට අපහසුයි.

මෙන්න මේ මෘදුකාංගය IOBIT හදුන්වා දෙන Iobit Driver Booster නමින් හැදින්වෙන අතර මෙමගින් පරිගණකයේ කල් ඉකුත් වූ හෝ ස්ථාපනය කර නොමැති Drivers අන්තර්ජාලය හරහා සොයා ගනිමින් නැවත එය නිසි ලෙස ස්ථාපනය කර දෙනු ලබයි.

ඉතා ලිහිල් පියවර කිහිපයක් මගින් මෙය කරගන්න පුලුවන්. පහත ලකුණු කර ඇති Step ටික Follow කරන්න
( මේ සදහා අන්තර්ජාල පහසුකමක් අනිවාර්යය වේ. )

පළමු පියවර -  මේ ලින්කුව කරල මුලින්ම සොෆ්ට්වෙයා එක භාගන්නකෝ - ( CLICK HERE )    

දෙවන පියවර -
ඔබගේ පරිගණකයට මෙය ස්ථාපනය කර ගන්න

තෙවන පියවර
- දැන් Iobit Driver booster සොෆ්ට්වෙයා එක run කරන්න. Run කරාට පසු ඔබට ලැබෙන මුහුනතේ SCAN යනුවෙන් පෙන්වා ඇති බටනය Press කරන්න.එවිට ඔබ ස්ථාපනය කර ඇති හෝ නැති Drivers සොයා බලයි. 100 % එය අවසන් වූ පසු ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ඇති හෝ නැති Drivers එකතුවක් පෙන්නුම් කරයි.

හතර වන පියවර
- දැන් එයින් ඔබට අවශය Divers වර්ගය හෝ සියල්ල Update කරගත හැකිය. ( බටනය press කල පසු පැමිනෙන මුහුණතේ ok යන්න select කරන්න)

ඔක්කොම Update කිරීමට අතුරු මුහුණතේ ඉහලින් පෙන්නුම් කරන Update All යන්න Click කිරීමෙන්ද, ඔබට අවශය වන Drivers පමණක් update කිරීමට අදාල දෘඩාංගය ඉදිරියෙන් පෙන්නුම් කරන update යන බටනය click කිරීමෙන් update කර ගත හැකිය.

දැන් ඔබගේ පරිගනකයට අවශය Drivers Update වීම Automatically පෙන්නුම් කරනු ලබයි. එය ඉවර උනාට පස්සේ. ඉහලින් ඇති Reboot යන බටනය කරන්න. එවිට පරිගනකය නැවත Restart වේ

ඔන්න දැන් වැඩේ හරි. මේ ගැන Comment එකකුත් දාලම යන්න.





Post a Comment

 
Top